කොම්පියුටර් ගේම් එකක් හැදුවොත්…. දෙන්නං රුපියල් ලක්සයක්….

කොම්පියුටර් ගේම් ගහන්න කව්ද අකමැති…? චූටි චූටි ඇච්චා පැච්චා කාලෙ ඉඳල සීයල වෙනකල් ඕන කෙනෙක් කොම්පියුටර් ගේම් ගහන්න කැමතියි… හැබැයි කොම්පියුටර් ගේම් හදන්න කැමති කව්ද කියල ඇහුවොත්…?

අන්න එතකොට නම් වැඩි දෙනෙක් අත උස්සන එකක් නෑ….

ඒ මොකෝ…. කොම්පියුටර් ගේම් එකක් හදන එක ලේසිම නෑ…

ඒකට ගොඩක් දේවල් දැනගන්න ඕනි… අනික ලංකාවෙ ඔය පැත්ත එච්චර දියුණු වෙලා නෑ…. හැබැයි ආස කට්ටිය නම් ඕන තරම් ඉන්නවා… ජීවිතේට කොම්පියුටර් ගේම් එකක් හදල නැති උණත් ඒකක් හදන්න basics තියෙන කට්ටිය ඕන තරම්… ඒ අයට ඕනි push එකක් දෙන්න විතරයි…

අනික දැනටමත් computer language එකක් දන්න කට්ටියට game engine එකක් ගැන ඉගෙන ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි…

ඉතින් ඔය හැම කෙනෙක්ටම තමන්ගේ හැකියාවන් උරගා බලන්න තියෙනවා පොඩි තරඟයක්… ඒකෙ නම තමයි IESL Cruncher කියන්නෙ… ඉස්කෝලෙ යන නංගිල මල්ලිලට, කැම්පස් ඉන්න අයියල අක්කලට වගේම ගෙදර ඉඳන් විනෝදාංශෙට Software හදන ඕනම කෙනෙක්ට මේකට සහබාගී වෙන්න පුලුවන්…

තරඟෙ තියෙන්නෙ කොටස් තුනකට… Flash අංශය, 2D අංශය සහ 3Dඅංශය විදියට… ඔය Flash ගොඩට Web browser එකක වැඩ කරන්න පුලුවන් HTML 5 හරි Silverlight හරි ඕන ගේමක් අයිතියි… Flash ගොඩට අයිති වෙන්නැති ගේම්ස් 2D අංසෙනුත්, ත්‍රිමාණව හදල තියෙන ඒවා 3D ගොඩටත් අයිතියි.. 😉

වැදගත් ම කතන්දරේ අන්තිමට…. තරඟෙන් දිනුවොත්…. ප්‍රථම ස්ථානෙට රුපියල් ලක්සයක් ලැබෙනවා… ගොඩක් වෙලාවට තෑග්ග ඊටත් වැඩි වෙයි… දැනට ආරංචි හැටියට නම් එහෙමයි… ආයෙ මෝස්ට් පොපියුලර් ගේම් එකට වෙනම ලක්සයක්… 🙂

ඒ හින්දා…. දැන්මම තියෙන අනිත් වැඩ පැත්තක තියලා…… ගේම් හදන්න පටන් ගන්න…

www.cruncher.lk එකෙන් හරි www.ieslcruncher.blogspot.com එකෙන් හරි වැඩි විස්තර දැනගන්න පුලුවන්… Facebook ඕනි නම් www.facebook.com/ieslcruncher එකට ලයික් වෙන්න…

ඒත් මදි නම් ieslcruncher2011 ඇට් ජීමේල් ඩොට් කොම් එකට මේල් එකක් දාලා අහගන්න….

තුඃ නොදකින් උබුන්ටු….

හමා වින්ඩෝස් වලට බයි බායි කියල තනිකරම උබුන්ටු වලට මාරු වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවාමෙච්චර කාලෙකට හමාට කිසිම ප්‍රශ්ණයක් තිබුනෙ නෑහමාගේ පණ වගේ තියෙන Dual Core 2 GHz ලැප් එකේ වින්ඩෝස් වලට වඩා හොඳට උබුන්ටු වැඩගෙදර තියෙන ඩෙස්ක්ටොප් එකෙත් කිසිම කරදරයක් නැතුව දැන් අවුරුදු ගානක ඉඳලා දුවන්නෙ උබුන්ටු 9.04….

 

උබුන්ටු කියන්නෙ වින්ඩෝස් වගේ අවුරුදු දෙක තුනකට සැරයක් අලුත් වර්ශන් එන එකක් නෙමෙයිහැම මාස 6 කටම සැරයක් උබුන්ටු වල අලුත් වර්ශන් එකක් එනවාඉතින් ඔය අලුතින් ම ආපු එක තමයි උබුන්ටු 11.04 කියන්නෙඑහෙම නැත්නම් ඕකට නැටී නාර්වාල්“(Natty Narwhal) කියලත් කියනවා

 

ඔය උබුන්ටු වල නම් දාන එකෙත් විශේෂත්වයක් තියෙනවා… 11.04 කියන්නෙ 2011 හතරවෙනි මාසෙ රිලීස් උණා කියන එකආපහු වර්ශන් එකක් එන්නෙ තව මාස 6කින් නිසා ඒක 11.10 වෙයිඅනිත් එක තමයි ඔය නික් නේම් එකඒක දාන්නෙ මොකක් හරි සතෙක්ගෙ නමක්ඔය Narwhal කියන්නෙ මාලුවෙක්ට… Natty කියන්නෙ ඌට දාල තියෙන විශේෂණ පදයඋදාහරණයක් විදියට කලින් ආපු උබුන්ටු වර්ශන් තමයි Breezy Badger, Hardy Heron, Intrepid Ibex, Maverick Meerkat… කොටින්ම කිව්වොත් හරියට සිංහලෙන් පිස්සු පූසා” , “කණ කොකාවගේ නම් තමයි දාන්නෙඕකෙ අකුරු යන්නෙත් ඉංගිරීසි අකාරාදි පිලිවෙලට

 

ඉතින් ඔය අලුතින් ම ආපු 11.04 දාගන්නකල් හමාටත් හෙණ අමාරුවක් තිබුණෙමේ දවස් වල කැම්පස් යන්නෙත් නැති හින්ද Airtel, 45 රීලෝඩ් දෙකක්ම දාගෙන (ගිගාබයිට් 3ක්..) හා හා පුරා කියල වැඩේට බැස්සාකොහොමහරි වරුවක් විතර මහන්සිවෙලා අන්තිමට උබුන්ටු අලුත් එකයි සොෆ්ට්වෙයාර් ටිකයි දාගත්තා

 

අනේ අපරාදෙ කියන්න බෑදාගත්ත විතරයි මහ ලෙඩ ගොඩයිවයර්ලස් වැඩ නෑඒක නම් යන්තම් හදාගත්ත කියමුකො, ඒ පාර වෙබ් කැම් එක වැඩ නෑහැබැයි ඉන්ටර්නෙට් යන්න බට්ටා (ඩොන්ගල් එක) ගහපු ගමන් මෙන්න බොලේ Web Cam එකේ ලයිට් එක පත්තු වෙනවා….!!!

 

ඒ මදිවට තිබ්බ මෙනු එකත් වෙනස් කරලාඒකෙ මොකක් හරි ඇප්ලිකේශන් එකක් හොයන්න ගියාම හරි අමාරුවක වැටෙන්නෙඅනික Menu එක අපිට ඕනි විදියට customize කරන්නත් බෑ

 

ඔය ඔක්කොටම වඩා තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි machine එක හිටපු ගමන් stuck වෙන එක… vlc එකේ ෆිල්ම් එකක් බැලුවත් ස්ටක්, කොටින්ම කිව්වොත් සමහරවෙලාවට screen-saver එක යද්දිත් මැෂීන් එක stuck…

 

හමාට කවදාවත් මේ වගේ දුකක් දැනිල නෑඅඩුම ගානෙ I එක ආපු වෙලාවෙ වත් මෙච්චර හිතේ අමාරුවක් තිබුණෙ නෑ

 

ඉතින් හමා මේ විස්තරේ ලිව්වෙ කව්රු හරි කෙනෙක් උබුන්ටු අලුත් වර්ශන් එක දාගන්න හිතාගෙන ඉන්නව නම් එපා කියන්නදා ගන්නව නම් කලින් එක, 10.10 දාගන්න, ඒක එල නැත්තම් ඊලඟ එක 11.10 එනකල් ඉන්නඒකෙ ඔය දැනට තියෙන අවුල් ගොඩක් හදල තියෙයි…. අදහස් තියෙනවනම් කියල යන්න

 

පුංචි කාලෙ ගහපු dos ගේම්ස් ආයෙමත් ගහන්න…..

ඕන්න විස්ස විද්‍යාලෙට ගියාට පස්සෙ හමාගෙ පලවෙනි repeat සබ්ජෙක්ට් එක වාර්තා උණා… D අකුරක් නම් කමක් නෑ…. ඒකත් I අකුරක්…. ඒ කියන්නෙ අනිවා ආපහු සබ්ජෙක්ට් එක ලියන්නම වෙනවා… මොනව කරන්නද ඉතින්, පොහොර දාන විදියට නෙ ගස් පැල වෙනවා කියන්නෙ… ඒ වගේම තමයි වැඩ කරන තරමට තමයි results එන්නෙ….

රිපීට් වෙච්ච දුක යන්න කොම්පියුටරේ ඔබ ඔබ ඉන්නකොට හමාට පොඩි කාලෙ ගහපු කොම්පියුටර් ගේම් ටිකක් මතක් උණා….

හමා සිස්සත්වෙ කරන කාලෙ, ඒ කියන්නෙ අනූ හයේ තමයි හමා ඉස්සෙල්ලාම කොම්පියුටරයක් අතගාල බැලුවෙ…. ඒ දවස් වල ඔය වින්ඩෝස් කියන එක මොන පාටද කියලවත් හමා දන්නෙ නෑ…. අනික ඒ දැකපු monitor ඔක්කොම කලු සුදු ඒවා…. ඒවයෙ දිව්වෙ dos….

කොම්පියුටරේ පාවිච්චි කරන්නෙ මොකටද කියල ඉගෙන ගන්න කලින් ම හමා ගැහුවෙ ගේම් එකක්…. ගේම් එකේ නම ඩේන්ජරස් ඩේව්…. ( Dave කිව්වම ගොඩක් අය දන්නවා මයෙ හිතේ…)  ඉතින් ඕක ඒ දවස් වල හෙණ….ම ක්‍රීඩාව…. ඇරෝ කීස් වලින් උඩ පැන පැන මැණික් අරගෙන තුවක්කුවෙන් මකුලුවන්ට වෙඩි තිය තිය යන්න තමයි ඕකෙ තියෙන්නෙ…. තව ජෙට් පැක් අනම් මනම් තියෙනවා…. ඒව ලැබුණම බොහොම කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕනි…. අනිත් එක ගේම් එකට තියෙන්නෙත් ලෙවල් 10 යි…. ඒ දවස් වල නම් 4 වෙනි ලෙවල් එකේ මකුලුවට ජීවිතේ පූජා කරල යන්තම් පස්වෙනි ලෙවල් එකට යා ගන්න පුලුවන් උණත් එතනින් එහාට නම් හමාට යා ගන්න බැරි උණා….  (ඒ මකුලුවා දම් පාටයි කියල දන්නෙ මේ මෑතකදි…) කොච්චර ගැහුවත් තාමත් හමා 6 වෙනි ලෙවල් එකෙන් එහාට ගිහින් නෑ….

ඒ දවස් වල තිබුණ අනිත් අමාරුම ගේම් එකම තමයි Prince කියන්නෙ…. ඒක ඔය දැන් prince of persia කියල යන ගේම් සීරීස් එකේ මුල්ම එක කිව්වොත් හරි මයෙ හිතේ…. ඒකෙ ඔය නාකි සීය කෙනෙක් කෙල්ල ලඟ වැලි ඔරලෝසුවක් තියල යනවා…. කොල්ලට තියෙන්නෙ පැයක් යන්න කලින් ලෙවල් 12 ක් ම ගහල, බර ගානක් එක්ක කඩුවෙන් සටන් කරල, තව තව මර උගුල් 250 කින් විතර බේරිල කොහොමහරි අන්තිමට කෙල්ලව බේර ගන්න…. ලෙවල් 12 ම කෙසේ වෙතත් ඒ දවස් වල හමාට පලවෙනි ලෙවල් එකේ කඩුව හොයාගන්නම විතරක් පැයක් විතරම යනවා…

ඔය prince ගේම් එකේ වර්ශන් 2 ක් තියෙනවා…. එකක් ඔරිජිනල් එක…. ඒක නම් ඉවර කරපු අයියල ඉන්නවා… ඒත් ක්‍රැක් කරල අමාරු ලෙවල් දාල හදපු prince 4d  කියන වර්ශන් එක ඉවර කරපු කෙනෙක් ගැන නම් හමා අහලවත් නෑ….

ඔයිට අමතරව ඔය Need for Speed අනං මනං එන්න කලින් හමා ගහපු එළ කාර් ගේමක් තිබුණා…. ඒකත් dos වලම තමයි දිව්වෙ…  ඒකෙ තියෙන්නෙ කාර් එකක් අරගෙන පාරෙ යන්න…. හැබැයි පාරෙ යන වාහන වල හප්පන්න තහනම්…. වැරදිල හරි හැප්පුනොතින් වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු…. අනික වැඩිය හයියෙන් ගියොත් පොලීසිය පස්සෙන් එනවා…. අහුවුනොතින් දඩ….. ඒ මදිවට තෙල් ගහන්නත් ඕනි….

Need for Speed, Hot pursuit එහෙම එන්න කලින් තිබුණ හොඳම කාර් ගේම් එක තමයි ඕක… ගේම් එක ගහල තිබුණට හමා හරියට ගේම් එකේ නම දැනගෙන හිටියෙ නෑ….. අන්තර්ජාලෙ පොඩ්ඩක් හොයල බලල තමයි හොයා ගත්තෙ ගේම් එකේ නම Test Drive කියල…. ඕකෙ වර්ශන් කීපයක් ම තියෙනව, හමා ගහල තිබුනෙ 2….

ඉතින් හමා වින්ඩෝස් පාවිච්චි කරන්නෙත් නැති හින්ද ඔය ගේම් ටික ආයමත් ගහන්න විදියක් හොය හොයා ඉන්නකොට තමයි dosbox හම්බ උණේ….  Wine වල හෝ Windows අලුත් වර්ශන් වල පවා වැඩ නොකරන,  පරණ dos ගේම්ස් ගොඩක් ඒව මේකෙන් ගහන්න පුලුවන්…. ඕනි කට්ටිය මෙතනින් බාලා දාගෙන බලන්න….

Pac man, Mario, Mortal Kombat 2 වගේ ගේම්සුත් හමා ගහල තියෙනව…. ඒත් ඔය කියාපුව තරම් හිතට වැදුන ගේම්ස් ටිකක් ආයෙ නෑ…. කොච්චර පරණ උණත් ඒවයෙ තාමත් පොඩි ගතියක් තියෙනවා…. ඒවයෙ level design උණත් අද තියෙන ඒවට වඩා ඉස්සරහින් ඉන්නව කියල හමාට හිතෙන්නෙ….. අදහස් තියෙනවනම් කියල යන්න….

සුභ අලුත් අවුරුද්දක් වේවා….

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා…..

සිංහල ඕමි 2 හදන්න Allegro ගේම් එන්ජිම….

හමාලගේ විස්ස විද්‍යාලෙත් 17 වෙනකල් වහල හින්ද කාලයක් තිස්සෙ බාගෙට හදල නවත්තලා දාලා තිබ්බ වැඩක් ආයෙත් පටන් ගත්තා….. ඒක තමයි සිංහල ඕමි එකේ දෙවෙනි වර්ෂන් එක හෙවත් සිංහල ඕමි 2 හදන එක….. ඒක ගැන කියන්න කලින් සිංහල ඕමි 1 ගහල නැත්තම් මෙතනින් බාගෙන බලන්නකෝ…..

හමා සිංහල ඕමි හදල දැනට අවුරුදු තුනකටත් ලඟයි…. ඒ උණත් තාමත් හමාට සතියකට එක ඊමේල් එකක් වත් එනවා ඒක ගැන කියල….. ගොඩක් ම ඒවා එන්නෙ ඕමි කප්පිත්තන්ගෙන්…. ඒවගෙත් ගොඩක්ම ඒවයෙ තියෙන්නෙ හමාට බැනල….ගේම් එක හරියටම කොළ අදින්නෙ නෑ කියල….ඉතින් ඔය හැමෝගෙම අදහස් අරගෙන හදල මේ වෙනකොට ඕමි එකේ version 10 ක් ම තියෙනවා…..

ගොඩක් දෙනා ඕමි ඇල්ගොරිතමයේ වෙනස්කම් කරන්න ඕනි කියල තිබුණ හින්ද හමා හිතා ගත්තා අලුතින් ම ආපහු මුල ඉඳලම ගේම් එක හදන්න….. ඒකට හමා ඇල්ගොරිතමය ආපහු මුල ඉඳලම ලිව්වා…. දැනට ඒ වැඩේ නම් 75% ක් විතර ඉවරයි… අලුතින් හදන එකේ කලින් තිබුණට වඩා වැඩ ගොඩක් තියෙනවා….. වැදගත්ම එක තමයි ‘හාෆ් කෝට්’ ගැසීමේ පහසුකම…. තව ‘ඇදල ගැසීමේ’ පහසුකමත් හදන්න හිතාගෙන ඉන්නෙ…..

ඒ වගේම නෙට්වර්ක් ප්ලේ කරන්න පුලුවන් වෙන්නත් හදන්න හිතාගෙන ඉන්නෙ…. හැබැයි ඒ වැඩේ නම් හමා හිතාගෙන හිටියට වඩා ට අමාරුයි කියල දැනගත්තෙ ඒක කරන්න ගියාමයි……

අලුතින් හදන එකේ GUI එක හදන්න හමා Allegro කියන ගේම් library එක තෝරගත්තෙ….. හමා ඒකම තෝරගන්න විශේෂ හේතු කිහිපයක් ම තියෙනවා…..

පලවෙනි එක තමයි හමාගෙ ආසම ගේම් වලින් එකක් වන අයිසි ටවර් හදල තියෙන්නෙ Allegro වලින් වීම….. අයිසි ටවර් ගහපු මුල් දවසෙ ඉඳලා හමා ඒකෙ ග්‍රැපික්ස් වලට මාර ආසයි……

අනිත් එක Allegro කියන්නෙ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක්…. ඒ වගේම ඒක ක්‍රොස් ප්ලැට්ෆෝම්…. ඒ කියන්නෙ Windows, Linux, Mac Os X ඕන එකක ඇලෙග්‍රෝ වැඩ….. හමා වැඩ කරන්නෙ උබුන්ටු වල හින්ද උබුන්ටු වල ගේම් එක හදල වැඩි මහන්සියක් නැතුවම ඒකම වින්ඩෝස් වල වැඩ කරන්නත් හදන්න පුලුවන්……

තව තව දේවල් තියෙනවා….. Allegro වලින් jpg, png එහෙම ලේසියෙන්ම ලෝඩ් කරන්න පුලුවන්, transparent කරන්න වගේ දේවල් Allegro වල සිම්පල්….. ඒ වගේම MIDI, ogg සවුන්ඩ් වුනත් ලේසියෙන්ම වගේ එකතු කරන්න පුලුවන්……

තාම ඉතින් සෙල්ලම් කරන්න පුලුවන් තරමට ගේම් එක හදල නෑ…. කොහොමත් වැඩ කරන්න පුලුවන් එකක් එන්න තව ටික කාලයක් යයි…. ඔය පහලින් දාල තියෙන්නෙ අලුතින් හදන interface එකේ ස්ක්‍රීංෂොට් එකක්….. තව තව අදහස් තියෙනවනම් කියල යන්නකෝ…….

ඇලෙග්‍රො ගැන තවත් දැන ගන්න ඕනි නම් මෙතනින් බලන්න……

අන්තිම කැමති පත්‍රය

ඊයේ රාත්තිරියේ නිදාගෙන ඉද්දි හමාගෙ ඔලුවට අමුතු අදහසක් ආවා….

අපි හැමෝම කවද හරි මැරෙනවනේ…. මැරෙන්න කලින් අපි අතින් වෙච්ච වැරදි කොච්චර තියනවද…? ඒ වෙච්ච වැරදි වලට කියෙන් කීදෙනාද ඒ ඒ අයගෙන් සමාව අරන් තියෙන්නෙ….?

ඒ වගේම ජීවත් වෙලා ඉන්න කාලෙ අපි කාටවත් කියන්න බැරුව හිතේ කොච්චර දේවල් හංගගෙන ඉන්නවද….? ආදරේ වගේ දේවල් සමහරු මැරෙනකල් ම හිතේ තියාගෙන ඉන්නවා නේද…..?

ඉතින් ඔය හිතේ තියෙන හැම දෙයක් ම මැරුණයින් පස්සෙ වලට ගෙනියන්නෙ නැතුව, ඒවා එලියට දාන්න ක්‍රමයක් නැද්ද…? තියෙනවා….. ඒකට තමයි කියන්නෙ අන්තිම කැමති පත්‍රය කියලා…. ඒ උණාට ගොඩක් අයට අන්තිම කැමති පත්‍රය ලියන්නත් හිතෙන්නෙ ගොඩක් ම වයසට ගියාට පස්සෙ නේ…..

ඉතින් හමා ට හිතුනා…. ඇයි ඒ වෙනුවෙන් වෙබ් සයිට් එකක් පටන් ගන්න පුලුවන් නේද කියලා…..

ජීවත් වෙලා ඉන්න කාලෙ ඕන කෙනෙක්ට පුලුවන් account එකක් හදාගෙන තමන්ගෙ අන්තිම කැමති පත්‍රය ලියල තියන්න….. තමන් මැරුණට පස්සෙ අනිත් අයට කියන්න තියෙන දේවල්….. ජිවත් වෙලා ඉන්න කාලෙ අනිත් අයට වෙච්ච වැරදි… ඕන දෙයක් මේකෙ ලියල තියන්න පුලුවන්….. අනික මැරුණට පස්සෙ කියන දේවල් වලින් තමන්ට වෙන හානියත් අඩුයි නෙ…..

ඉතින් කව්රු හරි account එකක් හදපු කෙනෙක් මැරුනට පස්සෙ අන්තිම කැමති පත්‍රය ගන්නෙ කොහොමද…? password එක දන්නෙ මැරුණ කෙනා විතරනෙ…. ඒකට වෙනම process එකක් ගේන්න ඕනි….

කව්රු හරි මැරුණම එයාගෙ අන්තිම කැමති පත්‍රය බලන්න ඕනි නම් ඒකට පුලුවන් එයාගෙ මරණ සහතිකය ඉදිරිපත් කරන්න…. එතකොට එයාගෙ මරණය confirm කරලා account  එක unlock කරන්න පුලුවන්…..

අනික මේ වෙබ් සයිට් එකෙන් මුදලක් හොයන්න ඕනි නම්, free account හදන්න දීලා, account එක unlock කරන්න මුදලක් ගන්න පුලුවන්…. අනික එතකොට unlock කරන්නෙ තමන් නොවන හින්ද ගොඩක් අය account හදන්නත් පෙලබෙන්නත් ඉඩ තියෙනවා… 🙂

තවත් ඕනි නම් මේ සයිට් එක පේස්බුක් එකටත් ලින්ක් කරන්න පුලුවන්….. එතකොට තවත් මෝ සෝෂල් එක්ස්පීරියන්ස්…..

ඉතින් හමා ඔය අදහසත් හිතේ තියාගෙන සීතලේ හොඳට පොරවගෙන නිදාගෙන උදේ පාන්දරම නැගිට්ට ගමන් අන්තර්ජාලෙ බැලුවා කව්රු හරි එහෙම එකක් හදල ද කියලා…. තාම නම් හමා ට එහෙම හදපු එකක් හම්බ උනේ නම් නෑ…..

ඉතින් හමා ට මේක බ්ලොග් එකට දාන්න හිතුනා…. කාට හරි මේක කියවලා, හිතෙනවනම් කරලා බලන්නෙ නැතැයි….. තව තව අදහස් තියෙනවනම් කියන්න…..

යුනිකෝඩ් එන්න කලින් හමා ලියපු කොක්ක (Hook before the Unicode)

මීට ටික කාලෙකට කලින්, ඒ කියන්නෙ සිංහල යුනිකෝඩ් කියන එක ජනප්‍රිය වෙන්න කාලෙකට කලින් වෙච්ච දෙයක් අද කියන්න යන්නෙ…. මුල්ම කාලෙ…. දැන් වගේ නෙමෙයි සිංහලෙන් ටයිප් කරන්න මාරම ගේමක් දෙන්න ඕනි… සිංහලෙන් හයියෙන් ටයිප් කරන්න පුලුවන් නම් කොමියුනිකේෂන් එකක් නිකන්ම දාගෙන හොඳ ගානක් හොයාගන්න හමාටත් තිබුණා…. ඒත් හමාට සිංහලෙන් තියා ඉංගිරිසියෙන් වත්, කීබෝඩ් එක බලන්නැතුව නම වත් ටයිප් කරගන්න බෑ ඒ දවස් වල…..

ඇයි මෙච්චරටම සිංහලෙන් ටයිප් කරන්න අමාරු ඒ දවස් වල….? සිංහලෙන් ගහද්දි ඉංගිරිසියෙන් වගේ නෙමෙයි, ඉස්පිලි, හල්පිලි, ඇලපිලි, පාපිලි මෙකී නොකී පිලි ගොඩක් තියෙනවා…. අනික එක එක අකුරෙන් අකුරට ඔය පිලි දාන විදිය වෙනස්…. ඉතින් ඔය අකුරු ඔක්කොම ගහන්න පුලුවන් යතුරු තියෙන කීබෝඩ් එකක් ලංකාවෙන් හැදුවොත් ඒක පැදුරක් විතර ලොකු වෙයි….

සුද්ද හදපු කීබෝඩ් එකට තියෙන අකුරු ඔක්කොම බස්සන්නත් බෑ නෙ…. ඒක හින්ද වැදගත්, නිතරම පාවිච්චි වෙන අකුරු ටික ලේසියෙන් ගන්න පුලුවන් වෙන විදියට ඉංගිරිසි අකුරු වෙනුවට පාවිච්චි කරන්නෙ….. හැබැයි ටයිප් කරන්න යද්දි අමාරුවෙ වැටෙන්නෙ “මි” යන්න හරි, “ම්” යන්න වගේ අකුරක් ගහන්න ගියහමයි….. මොකද ඒ අකුරු අර උඩින් ම තියෙන යතුරු වල නෑ…..

ඒ වෙලාවට මොකද කරන්නෙ….? ගොඩින් ම බේරෙන්න ඹ්නි නම්….. “ම” යන්න ගහල ” ි” පිල්ලත් ගහන්න පුලුවන් ඒක උඩින්ම….. ඉක්මනට කියවගෙන යද්දි වැඩිය වෙනසක් තේරෙන්නෙ නෑ…. හැබැයි ඕකෙ තියෙන අවුලක් තමයි “ම්” යන්නෙයි “මි” යන්නෙයි වෙනස හොයන්න බැරි එක…..

තව ක්‍රමයක් තමයි ටයිප් කරන්නෙ Word වල නම්, insert -> symbol ගිහිල්ල ඕනි අකුර තෝරන එක… හැබැයි ඒකත් ඉතින් ටයිප් කරද්දි මල වදයක්….

ඉතින් ඕකට තව ක්‍රමයක් තිබුණා….. ඕල්ට් කී එකත් එක්ක ඉලක්කමක් ඔබන එක….. එක තමයි හරි ම ක්‍රමේ….

හැබැයි ඉතින් ගහන්න ඕනි අකුරෙ ඉලක්කම කලින් දැනගෙන ඉන්න ඕනි…. උදාහරණයක් විදියට Alt එකත් එක්ක Num Pad එකේ 1, 3, 9 ඉක්මනට එබුවම “ම්”යන්න වදිනවා…. ඉතින් වේගෙන් ටයිප් කරන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් ඔය ඉලක්කම් ටිකයි අකුරු ටිකයි හොඳට මතක තියාගන්න ඕනි…. හමාගෙ නෑයො වෙන අයිය කෙනෙක් හිටිය කොමියුනිකේෂන් එකක් දාගෙන, එයා ඔය අකුරු වේගෙන් ගහනවා හමා ඉස්සර හරි ආසාවෙන් බලාගෙන ඉඳලත් තියෙනවා……

ඇත්තට ම කියනවනම් ඔය අකුරු ටික ඔක්කොම මතක තියාගෙන ඉන්න එක එසේ මෙසේ කාරියක් නෙමෙයි…. ඉතින් ඕය වැඩේ ලේසි වෙන්න ගොඩක් කට්ටිය එක එක සොෆ්ට්වෙයාර් හදල තිබුණ…. ඒකෙන් කරන්නෙ අකුරයි හල්කිරීමයි ගහපුවම අර හරියටම ගැලපෙන හල් අකුර වදින එක… උදාහරණයක් විදියට “ම” යන්නයි(U) හල් කිරීමයි(A) ගහපුවම “ම්” යන්න ඉබේම වදිනවා…. ආයෙත් ඉලක්කම් මතක තියාගන්න ඕනි නෑ…

KeyMan, KeyRep, Sinhala XP කිය කිය එක එක ජාතියෙ ඒව ඒ දවස් වල තිබුණ….. හැබැයි ඒ එකක් වත් නිකන් දෙන ඒව නෙමෙයි….. හමා ලගෙ ගෙවල් ලඟ අයිය කෙනෙක් හදල තිබුණ KeyRep කියල එකක්, එයා ඒක වික්කෙ 2500 ගානෙ…. අනිත් ඒවත් ඒකාලෙ ඒ ගනන් ම වගේ ඇති…..

ඉතින් හමාටත් හරි ආසාවක් තිබුණ ඒ වගේ සොෆ්ට්වෙයාර් එකක් හදන්න…. හැබැයි විකුනන්න නෙමෙයි, මොකද හමාට ප්‍රෝග්‍රැම් එකක් හරියට ලියන්න පුලුවන් වෙනකොට නිකන් දෙන ඔය වගේ ප්‍රෝග්‍රෑම් ඕන තරම් තිබුණ…. හමාලගෙ ගෙවල් ලඟ අයියත් එයා හදපු සොෆ්ට්වෙයාර් එක නිකන් දෙන්න පටන් අරගෙන තිබුනෙ…..

ආසාව තිබ්බට බෑ නෙ….. කරන විදියකුත් එපැයි…..

ඉතින් හමා ටිකක් කල්පනා කරනකොට තමයි ඒක ඇත්තටම වැඩ කරන විදිය කල්පනාවට ආවෙ……

සොෆ්ට්වෙයාර් එකෙන් ඇත්තටම කරන්නෙ පොඩි වැඩයි…. ඒක පැහැදිලි කරන්න අපි උදාහරණයක් ගමුකො…..

හිතන්න හමාට ඕනි “ම්” යන්න ගහන්න කියල….. එතකොට අර සොෆ්ට්වෙයාර් එක තියෙනවනම් හමා ඔබන්න ඕනි, U සහ A යතුරයි….. එතකොට සොෆ්ට්වෙයාර් එක “ම්” යන්න හෙවත් Alt + 139 කියන යතුරු ටිකට හරි යන අකුර පෙන්නන්න ඕනි….

හැබැයි හමා U සහ G එබුවොත් “මට” කියල වදින්නත් ඕනි….

U විතරක් එබුවොත් “ම” යන්න වැදිල තියෙන්නත් ඕනි….

U සහ A එබුවම අර වැදිල තියෙන “ම” යන්න නැතිවෙලා “ම්” යන්න වදින්න ඕනි…….

ඉතින් ඕකට සොෆ්ට්වෙයාර් එක කරන්නෙ අන්තිමට ගහපු යතුරු දෙක මතක තියාගෙන ඉන්න එකයි…. ඊට අමතරව සොෆ්ට්වෙයාර් එකේ පොඩි වගුවක් වගේ තියාගන්න ඕනි මෙන්න මෙහෙම….

U A 139
J A 138

ඔන්න ඔය වගේ එන්න පුලුවන් හැම අකුරකටම අදාල ඉලක්කම වගුවෙ තියෙන්න ඕනි…..

ඉතින් කිබෝඩ් එකේ මොකක් හරි යතුරක් එබුණ ගමන් ම… එබුණ යතුරයි, ඊට කලින් යතුරයි අර වගුවෙ තියෙනවද බලනවා…. වගුවෙ නැත්තම් නිකන් ඉන්නවා ඔබපු අකුර print වෙන්න දීල….

වගුවෙ තියෙනවනම් අපි දන්නවා print කරන්න ඕනි අකුර මොකක්ද කියල…. ඉතින් සොෆ්ට්වෙයාර් එකට තියෙන්නෙ Alt එකත් එක්ක අර ඉලක්කම් එබුන විදියට සිමියුලේට් කරන්න….

VB වල නම් ඒකට තියෙනවා SendKeys කියල method එකක්….

හැබැයි ඒ අකුර යවන්න කලින් කලින් අර කලින් වැදිල තියෙන අකුර අයින් කරල ඉන්න ඕනි… උදාහරණයක් විදියට U ඔබල A ඔබද්දි “ම” යන්න වැදිලනෙ තියෙන්නෙ…. ඉතින් “ම” යන්න අයින් කරල තමයි “ම්” යන්න දාන්න ඕනි…..

වැදිච්ච අකුර අයින් කරන්න කරන්න තියෙන්නෙ පොඩි දෙයයි…. Alt එකත් එක්ක අර ඉලක්කම යවන්න කලින්, SendKeys වලින් Backspace key event එකක් යවන්න… එතකොට කලින් තිබුණ අකුර මැකෙනවා….ඊට පස්සෙ SendKeys වලින් Alt එකත් එක්ක අර ඉලක්කම් එබුන විදියට සිමියුලේට් කරන්න……

ඕන්න එතකොට ලස්සනට “ම්” යන්න වැදිල තියෙනවා…. System එකේ ඔබන හැම කී එකක් ම බලාගෙන හිටියොත් Word වල විතරක් නෙමයි ඕන window එකක කිසි ප්‍රශ්ණයක් නැතුව ලේසියෙන් ටයිප් කරන්න පුලුවන්…..

ඉතින් ඔය අයිඩියා එකත් එක්ක හමා හදන්න ගත්තා සොෆ්ට්වෙයාර් එකක් Open Sinhala KeyMan කියල….. හමා C වලට ආස හින්ද C වලින් තමයි ලියන්න ගත්තෙ….. ඕන නම් කාටහරි VB වලිනුත් ටිකක් ලේසියෙන්ම මේ වගේ එකක් හදන්න පුලුවන්…..

හදන්න ගත්තම ඉස්සෙල්ලාම කරන්න ඕනි System එකේ ඔබන හැම key එකක් ම monitor කරන එක නෙ…… ඉතින් ඒකට තමයි Windows වල තියෙන hooks පාවිව්වි කරේ….. Hooks වලින් වෙන හැම event එකක්ම බලන්න පුලුවන්….. වැඩිදුර විස්තර ඹ්නි නම් විකීපීඩියා බලන්න…..

ඉස්කෝලෙ වැඩත් තිබුණ නිසා හමාට වැඩේ ඉවරෙටම හදලා දාන්න බැරි උණා….. බාගෙට ලියපු කෝඩ් එකක් තියෙනවා කාටහරි ඕනි කියල හිතෙනවනම් බා ගන්න…..

හමා මේ කියල තියෙන්නෙ කරන්න පුලුවන් එක ක්‍රමයක් විතරයි…. තව තව ක්‍රම තියෙනවා… අනික බලන්න ඕනි අන්තිම keys විතරක් නෙමයි…. මොන වගේ window එකකද keys යන්නෙ වගේ දේවලුත් බලන්න ඕනි….. ඒව ඉතින් අයිසිං….. මේක තමයි කේක් එක….

අදහස් තියෙනවනම් හමා ටත් කියන්න……..

හමාගේ විනාඩි පහේ වයිරස් එක….. ( 2 කොටස )

ලිපිය කියවන්න කලින් හමාගේ විනාඩි පහේ වයිරස් එක කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැත්නම් මෙතනින් කලින් ලිපිය කියවල ඉන්න…..
හරි….. කොහොමද දැන් ඇත්තටම මේක වැඩ කරන්නෙ…..? ගොඩක් කට්ටිය හිතන්නෙ මේක වින්ඩෝස් වල registry එකේ වෙනස්කම් කරල කියල…. එහෙමත් කරන්න පුලුවන්…නමුත් registry එකත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා….උදාහරණයක් විදියට registry එකෙන් Task Manager disable කරන්න පුලුවන්… Control panel යන එක නවත්තන්න පුලුවන්…නමුත් හමා දන්න විදියට Task Manager එකේ title එක එහෙම වෙනස් කරන්න registry එකෙන් බෑ….

එහෙමනම් කොහොමද මේක වැඩ කරන්නෙ….? ඒක කියන්න කලින් තව පොඩී දෙයක් කියන්න තියෙනවා…
වින්ඩෝස් වල තියෙන හැම window එකකටම (Start Menu ඇතුලුව) window class එක කියල එකක් තියෙනවා…. ඒක ඇත්තටම නමක් වගේ… ඔය window ක්ලාස් එකේ නම තීරණය කරන්නෙ ගොඩක් වෙලාවට ප්‍රෝග්‍රෑම් එක ලියන කෙනා.. ඒ හින්ද ප්‍රෝග්‍රෑම් එකින් එකට ඔය නම වෙනස් වෙනවා…
(ඒත් Visual Basic වගේ භාෂාවකින් ප්‍රෝග්‍රෑම් ලියද්දි නම් window class එක අපිට වෙනස් කරන්න බෑ….)

ඒ වගේම හැම වින්ඩෝ එකකට ම window handle එක කියල එකක් තියෙනවා… window එකේ මොනව හරි වෙනස්කමක් කරන්න ඕනි නම් ඉස්සෙල්ලාම window handle එක දැනගෙන ඉන්න ඕනි.. ඒක දන්නවනම් අපිට ඒ window එකේ ඕන දෙයක් (title එක වෙනස් කරන්න, close කරන්න, window එකේ තැන වෙනස් කරන්න) කරන්න පුලුවන්….

ඉතින් අපි මොකක් හරි program window එකක window class එක හරි වින්ඩෝ එකේ title එක හරි දන්නවනම් ඒ වින්ඩෝ එකේ handle එක හොයන එක සිම්පල්…. ඒකට C වල තියෙනවා FindWindow කියල function එකක්… ආ…. හමාට කියන්න දෙයක් අමතක උණානෙ… හමා මේක හැදුවෙ C වලින්…VB වලින් හදනවා නම් API ටික VB වලට හරව ගෙන ඉන්න වෙයි…
උදාහරණයක් විදියට අපිට ඕනි Task Manager එකේ handle එක ගන්න නම්,


HWND hTask = FindWindow(NULL,"Windows Task Manager");

කියල ලියන්න පුලුවන්…

Start menu එකේ handle එක ගන්න ඕනි නම්,


HWND hStart = FindWindow("DV2ControlHost","Start Menu");

කියල ලියන්න පුලුවන්…. මෙතන DV2ControlHost කියල කියන්නෙ Start Menu එකේ Window Class එක…

ඉතින් මෙහෙම Window Handle එක හොයා ගත්තට පස්සෙ ඒ window එකේ ඕනම දෙයක් අපිට කරන්න පුලුවන්..


EnableWindow(hStart,false);

SetWindowText(hTask,"ha ha ha ha!!!!");

SendMessage(hTask, WM_SYSCOMMAND, SC_CLOSE,0);

(ඉස්සෙල්ලාම තියෙන්නෙ start menu එක disable කරන එක… ඊලඟට Task manager එකේ title එක වෙනස් කරන එක… අන්තිමට close කරන එක…)

 

ඉතින් හමාගේ විනාඩි පහේ වයිරස් එකෙන් කරන්නෙත් ඔය ටික තමයි… එයා විනාඩි පහ ඉවර වෙනකල් Task Manager එක ආවද කියල බල බල ඉන්නවා…  Task Manager ආපු ගමන් ඒකෙ title එක වෙනස් කරල window එක disable කරල දානවා…. Start Menu එකටත් ඒ සෙතේම තමයි.. තව පොඩි පොඩි අමතර වැඩ ටිකක් වෙනවා…. ඒ ගැනත් හොඳටම දැන ගන්න ඕනි නම් මෙතනින් source එක බාගෙන බලන්න….

 

හැබැයි code එක බාගන්න කලින් කියන්න දෙයක් තියෙනවා… මේක වැරදි විදියට භාවිතා කරන්න එපා…එහෙම වැරදි ආකාරයෙන් භාවිත කිරීමෙන් සිදුවන සියලුම හානි වලට හමා වග කියනු නොලැබේ…. පුලුවන් නම් මේක වැඩිදියුණු කරන්න… Windows 7 වල explorer වල window class එක හොයාගෙන ඒකෙත් වැඩ කරන්න මේක හදන්න පුලුවන්… window class එක හොයන්න Spy++ කියල ටූල් එකක් ඕනි නම් තියෙනවා… අන්තර්ජාලෙ බලන්න…

 

මේක වැඩි දියුණු කරොත් හමාටත් කියන්න…….

හමාගේ විනාඩි පහේ වයිරස් එක….. ( 1 කොටස )

කොම්පියුටරෙන් යන්තම් ප්‍රෝග්‍රෑම් එකක් ගහගන්න පුලුවන් වෙච්ච ගමන් හැමෝටම වගේ හැදෙන උණක් හමාටත් හැදුනා…. ඒ තමයි කාටහරි වදයක් වෙන්න,  නැත්තම් ඩයල් එකක් කියල පෙන්නන්න හොඳ කොම්පියුටර් වයිරස් එකක් හදන එක….

.

ඒත් ඉතින් හොඳ වයිරස් එකක් හදනවා කියන්නෙ නිකන් සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ගහනවටත් වඩා අමාරු වැඩක් කියල තේරෙන්නෙ එහෙම එකක් සිරාවටම හදන්න ගියාමයි…. මොකද වයිරස් එකක් හදද්දි දැනගන්න ඕනි ඇත්තටම ප්‍රෝගැමිං ගැන විතරක් නෙමයි…. වින්ඩෝස් ගැනත් චුට්ටක් දැනගන්න ඕනි…. වයිරස් එකකට අවශ්‍යම වෙන්නෙ අයිඩියා එක… වින්ඩෝස් වල කොතනද අවුල තියෙන්නෙ කියන එක ඉස්සෙල්ලාම දැනගන්න ඕනි…..

.

මෙච්චර ටෝක්ස් දුන්නට හමාත් තාම හරියට වයිරස් එකක් හදල නෑ…. ඒත් හමා ඒවගේ ලඟින් යන එකක් හදලා තියෙනවා.. ඒකට කියන්නෙ විනාඩි පහේ වයිරස් එක හෙවත් 5 min Virus කියලා… ලිපිය කියවන්න කලින්ම මොකක්ද මේ කියල බලන්න ඕනි නම් මෙතනින් බාලා බලන්න….

.

මොකක්ද මේකෙන් වෙන්නෙ…..? ඔය exe එක රන් කරපු ගමන් පොඩි ටයිමර් එකක් දුවනවා විනාඩි පහක් යනකල්…. හරියටම ඒ විනාඩි 5ඉවර වෙනකල්,  ස්ටාර්ට් මෙනු එක disable වෙලා තියෙන්නෙ…. තව Task manager ගියත් ඒකෙනුත් කිසිම දෙයක් කරන්න බෑ….. හොඳම දේ තමයි, Xp වල My Computer වල කිසිම driveඑකක් පෙන්නන්නෙත් නෑ විනාඩි පහ ඉවරවෙනකල්…. Folder එකක් open කරල තිබුණත් ඒක අස්සෙත් මොකුත් පෙන්නන්නෑ….. run windowඑක ගත්තොත් ඒකෙ Ok buttonඑක නෑ…. තව තව දේවල් වෙනවා, ඒවා මේක run කරලම බලන්නකෝ…..

.

හැබැයි විනාඩි පහ ඉවර උණාට පස්සෙ ඔය මුකුත් නෑ….ආපහු තිබ්බා වගේම system එක සාමාන්‍ය විදයට වැඩ කරනවා….

කොහොමද මේක වැඩ කරන්නෙ…..? ඒ ගැන කියන්නම් ඊලඟ පොස්ට් එකෙන්….

.

.

.

.

සිහාන් මිහිරංග ගේ අලුත්ම විසුවල් එක….

සෑහෙන්ඩ කාලෙකින් හමාට බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උණා…. කොහෙද මේ ලයිට් කණු වල පාරවල් 3D සිමියුලේට් කරන සොෆ්ට්වෙයාර් එකක් හදන්න සෙට් උණානෙ.. ඒක හින්ද හමාගෙ ඔලුවත් එක්ක නරක් වෙලා තිබුනෙ.. හැබැයි විස්ස විද්‍යාලෙ වහල හින්ද ඒ වැඩේ යන්තම් ගෙදර ඉඳලම ඉවර කරල දැම්මා….හදපු සොෆ්ට්වෙයාර් එක ගැන පස්සෙ පෝස්ට් එකක් දාන්නම්කො…..

 

හමාට ඹහොම ඔලුව උස්සන්නවත් බැරිවෙන තරමට වැඩ තියෙන අස්සෙ හමාගෙ යාලුවෙක් විෂුවල් එකකුත් හදලා…. සිහාන් මිහිරංගගේ පෙරදා මැවූ සිනා එකට තමයි හදල තියෙන්නෙ…. පැය පහෙන් හදපු විෂුවල් එක බලලා කොමෙන්ට් එකක් දාල යන්නකෝ……